Pages

Thursday, March 22, 2012

අවබෝදය තුල ආදරය සදාතනිකයි


පෙම්වතුන් එකිනෙකා තේරුම් ගැනීම අදරයේදී ඉතාම වැදගත් ය ....ආදරය එක් සිතක තනිව ඇතිවන හැගීමක් නොව වෙනත් සිතක් කෙරෙහි ඇතිවන හැගීමකි... මෙය රැක ගැනීමට නම් එකිනෙකා හොදින් හදුනා ගත යුතුයි... පෙම්වතා පෙම්වතිය  හැම විටම අනිකාව තේරුම් ගත යුතු අතර එසේ නොවුනහොත් එම ආදර සම්බන්දතා පවත්වාගෙන යාමට නොහැකි වේ....ආදරය කරනුයේ ජීවිතය  සාර්ථක කර ගැනීමටයි.... සදාතනික ආදරය තුල අනිකාගේ යහපත වෙනුවෙන් ඔහුව අවබෝද කර ගත යුතුය...  ඔහු ප්‍රීතියෙන් හා උද්යෝගයෙන් සිටිනවා දැකීමෙන් ඔබ සතුටු විය යුතුයි... ආශාවන් ඉටු කර ගැනීමෙන් කරන ආදරය තුල පැවැත්මක් නැත... ආශාව සන්සිදුනු පසු අවසන් වේ...නමුත් ආදරයට සන්සිදීමක් නැත.....නොසන්සිදෙන ආදරය සදාකල්හිම පවත්වාගෙන යාමට පෙම්වතුන් ලග මනා අවබෝදය  හා අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය..... දෙදෙනා හොදින් අවබෝද කර ගැනීමට දෙදෙනා පමණක් හුදකලාව විනාඩි 15 ක් 30 ක් වගේ කාලයක් ආදරයෙන් කතා කල යුතුය... ආදර වදන් හුවමාරු කර ගත උතුය....ස්පර්ශයටත් වඩා  ආදරයේදී ආදරයේදී දෙදෙනා තුල හොද කතා බහක් තිබිය යුතුය,.. හැම විටන අනිකා ගැන ඔහුටත් කලින් සිතන්න පුරුදු වෙන්න.... ඒ සදහා දෙදෙනා දෙදෙනාගේ සිත් හදුනා ගත උතුය.... පෙම්වතා පෙම්වතිය සතුටු වන්නේ කුමන දේ වලින්ද ? ඒ හැම දෙයකින්ම ඔහුව ඇයව සතුටු කරන්න ඔබට හැකි විය යුතුයි.... ඒ සදහා දෙදෙනා තුලම හොද අවබෝදයක් පැවතීම අදරයේදී වැදගත් වේ...........   


Tuesday, March 20, 2012

ආදරය සුන්දරයි.... ආදරයට ආදරය කරන්න

පෙම්වතුන් ආදරය කරන කාලය තුල අවංක බැදීමක් පැවතිය යුතුයි.... ආදරයේ සුන්දර බව පවතින්නේ දෙදෙනා තුල පවතින වෙනස්කම් හදුනා ගැනීම තුලය ..... පෙම්වතා /පෙම්වතිය තුල තිබෙන ප්‍රශ්න හිතේ තියාගෙන සිතින් ආදරය විදවන්න එපා.. ආදරය සිතින් විදිය යුතු  අපුර්වතම හැගීමක් මිස විදවිය යුතු හැගීමක් නොවේ .... ඒ නිසාම ප්‍රශ්නයක් ඇති වූ විට එය විසදා ගැනීමට සුදුසුම වෙලාවක සාකච්චාවකින් නිරාකරණය කරන්න...අඩදබර වීම් ආදරයට අවශ්‍ය නැත.... එකිනෙකාට ගෞරව කරනවානම් වැරැද්ද සිදු වූ මොහොතේම පෙම්වතා වුවද  සමව ගත යුතුය..... එවැනි වදන්වලින් ආදරයට ලැබෙන වටිනාකම මිල කල නොහැකිය..... විශේෂයෙන් ආදරයේ පැවැත්මට ඔබ දෙදෙනාගේම තීරණ ඔබ දෙදෙනාම පමණක් ගන්න... අදරයේදී බැදිම වැඩි වන්නේ දෙදෙනා හුදකලාව කාලය ගත කරන විටයි ........ ඒ තුල මොහොතින් මොහොත ආදරය අලුත් වෙනවා... හුදකලාව තුල ගෙවන හැම මොහොතකම ආදරයේ සුන්දර බව ඔබට හැගේවි .... ඒ සුන්දර බව ආදරයට එකතු ක‍ර ගන්න බාහිර ලෝකයේ විසුතුරු දේ දකිමින් ,, සිහින දකිමින් ආදරය විදින්න නොහැකිය..  ඔහු / ඇය ලග සිටින පලවෙනි කෙනා ඔබම බව දැනෙන්නට හරින්න... එවැනි අදර බැදීම් දවසින් දවස අලුත් වෙමින් ආදරය සිත් තුලට එක් කරන්නේ අපුර්වතම සුන්දරත්වයකි.............. 

නිදහසේ ආදරේ විදින්න

අදරයේදී සහකරුවා /සහකාරිය ජීවිතයේ ඉවසන්න පුරුදු විය යුතුය ...... අනිකගේ සතුට ගැන සිතා ඔහුට එය විදින්න අවස්ථාව ලබා දෙන්න ...... දවසකට sms 25 ක් හුවමාරු කර ගත්තට එය එය තුල ආදරය පවතින්නේ නැහැ .... සැබෑ ආදරය තුල දෙදෙනාටම ජීවිතය  විදින්න නිදහසක් පැවතිය යුතුය..... "එයා මගෙමයි  " කියලා ආදරය තුල අනේකව හිර කරලා ගැට ගහල තියාගන්න බැහැ... ඇය / ඔහු ඔබේ නම් ලෝකේ කොහේ හිටියත් ඔබ දෙදෙනා ඔබේමයි ...... 
අදරයේදී ඔබ දෙදෙනාටම සිටින්නේ ඔබ දෙදෙනාම පමණි.... යන සිතුවිල්ල පෙම්වතුන්ගේ සිත් වල ඇති විය යුතුයි .. පෙම් සිත් මොහොතින් මොහොත ආදරයෙන් පුරවා ගන්න.... ආදරය ජීවිතයට   අවශ්‍ය    වටිනා හැගීමක්.... ඒ වටිනාකම ඔබේ ආදරයටත් එක කර ගන්න.... බැදීමක් ඇති වූ පමණින් ඔහු/ඇය තම්ගේම සිතා නිදහස සිමා නොකරන්න.... අදර වදන් , බොලද වදන් , නිදහසේ ආදරය විදින්න... අදර හැගීම් ප්‍රකාශ කරන්න අවශ්‍යයි... හැම මොහොතකම සිත් ආදරයෙන් පුරවා ගෙන අදර හුදකලාව ආදරයේ මිහිර විදින්න .........  

ආදරය .......!

පෙම්වතුන්ගේ ආදර ලෝකය තුල පෙමින් වේලි සිටින කාලය ඉතා සුන්දරය..... නිතර මුණ ගැසෙන්නට ,හුදකලාව ආදරය විදින්නට ඔබ මෙන්ම ඇයද මේ සිහින ලොවේ තනි වෙන්නට වඩාත් කැමති....... මේ කාලයේදී බොහෝ විට දෙදෙනාගේම අදහස් සමාන බවක් දැනේ,,, තරුණ හිතේ ඇතිවන ප්‍රේමය හැම විට ආශාවන් සොයා යාමේ හා ආශාවන් ඉටු කර ගැනීමේ අරමුණින් සිතේ හට ගන්නා සිතුවිල්ලකි ....... තරුණ සිත් වල ඇතිවන ආදරය දිගුකාලින සබදතා බවට පත්වන්නේ කලාතුරකිනි...... යෝජනාව ඉස්තිර වීම සබදතාවයක පැවැත්ම වන්නේ නැත....එම නිසා ඔබ විසින් යුවතියකට කල යෝජනාවක් පිළිගත් පමණින් ඇය හෝ ඒ සබදතාවයේ පුර්නකාලින අයිතිය ඔබට හිමි නොවේ..........